රුසියාවේ කුරිල් දූපත්වල රික්ටර් පර්මාණ 7.5ක ප්‍රබල භූ මිකම්පාවක් සිදුව ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
ජපානයේ සප්පෝරෝ නගරයට ඊසාන දෙසින් කිලෝමීටර් 1,400ක් පමණ දුරින් කිලෝමීටර් 59ක් (සැතපුම් 37 ක්) ගැඹුරට මෙම භූමිකම්පාව සිදුව ඇති බව ඔවුන් වැඩිදුරටත් පවසන අතර, භූ කම්පනයෙන් සිදුව ඇති ජීවිත හානි හෝ තුවාලකරුවන් පිළිබඳ වාර්තා නොවෙයි.
පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය මුලින් කියා සිටියේ භූමිකම්පාවේ අපිකේන්ද්‍රයේ සිට කිලෝමීටර් 1,000ක් ඇතුළත අනතුරුදායක සුනාමි රළ ඇතිවිය හැකි බවයි.
නමුත් පසුව එය කියා සිටියේ මෙම භූමිකම්පාවෙන් ඉතා සුළු සුනාමි රළ පමණක් ජනනය වෙත පැමිණ තිබුණත් එය තවදුරටත් තර්ජනයක් නොමැති බවයි.