පුද්ගලයන් 14 දෙනෙකු සමග රුසියානු හමුදා ගුවන් යානයක් සිරියානු ගුවන් සීමාවේදී අතුරුදන්ව ඇති බව රුසියානු ආරක්ෂක ආමාත්‍යාංශය පවසයි.
රුසියානු Il-20 වර්ගයේ හමුදා ගුවන් යානයේ සබඳතා බිඳ වැටෙන අවස්ථාවේදී එය මධ්‍යධරණී මුහුදට ඉහළින් පැවති බවද කියයි.
එය ඊයේ (17දා) එරට වේලාවෙන් රාත්‍රී 11.00ට පමණ සිදුව ඇති අතර, ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් අරඹා ඇති බව විදෙස් වාර්තා පවසයි.
2015 වසරේ සිට රුසියාව විසින් සිරියාවේ බෂර් අල් අසාද් පාලනයට සහාය දක්වමින් එරට සිවිල් යුද්ධයට රුසියානු ආධාර ලබාදෙමින් සිටින අතර, අසාද් මෙම අර්බුද මධ්‍යයේ වුවද තවදුරටත් බලය රැකගෙන සිටීම පිටුපසද රුසියානු බලය පවතී.
මෙම අර්බුදය හේතුවෙන් මේ දක්වා පුද්ගලයන් 350,000ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
සිරියානු වෙරළේ සිට කිලෝමීටර් 35ක් දුරින් සාගරය ඉහළදී මෙම අතුරුදන්වීම සිදුව ඇති අතර. එය සිරියාවේ වයඹදිග ලටාකියා හමුදා ගුවන් තොටුපොළ වෙත ගමන් කරමින් පැවති බව කියයි.