රුසියාවේ ටාටාස්තාන් ජනරජයේ අගනුවර වන කසාන් හි උසස් පාසලක අඟහරුවාදා තුවක්කුකරුවෙකු අහඹු ලෙස සිදුකළ වෙඩි තැබීමකින් ළමයින් 7දෙනෙකු ඇතුළු 9දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම පාසලේදී සිදු වූ සන්නද්ධ ප්‍රහාරයෙන් පිරිමි ළමයින් 4දෙනෙකු, ගැහැනු ළමයින් තිදෙනෙකු, එක් ගුරුවරයෙකු සහ එක් පාසල් කාර්ය මණ්ඩලයක් ජීවිතක්ෂයට පත්ව ඇත.
ළමයින් 18 ක් සහ වැඩිහිටියන් තිදෙනෙකු ඇතුළු 21 දෙනෙකු රෝහල් ගත කර තිබේ. ඉන් අට දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද රුසියානු මාධ්‍ය වාර්තා කරයි.
19 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, වෙනත් හවුල්කරුවන් හඳුනාගෙන නොමැති බවද කියයි. ප්‍රහාරයේ චේතනාව කුමක්දැයි වහාම පැහැදිලි නොවීය.
මාරාන්තික පාසල් වෙඩි තැබීමෙන් පසු සිවිල් ආයුධ පාලනය වහාම දැඩි කරන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් නියෝග කර ඇති බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් අඟහරුවාදා පැවසීය.
සන්නද්ධ ප්‍රහාරයෙන් මියගිය දරුවන්ගේ ඥාතීන්ට පුටින් සිය ශෝකය ප්‍රකාශ කළ බව පෙස්කොව් පැවසීය. එමෙන්ම ජනරජය බදාදා ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ.