බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ ආධිපාදවරයා හෙවත් පිලිප් කුමරු අතින් සිදුවූ රිය අනතුර අවස්ථාවේදී ඔහු ආසන බඳ පටි පැළඳ නොසිටි බවට නෝර්ෆෝක් පොලීසිය ඔහුට අවවාද කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලීසියේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ මේ සම්බන්ධයෙන් ඔහුට ගැලපෙන අවවාදයක් පොලීසිය විසින් ලබාදුන් බවයි.
කෙසේ වෙතත්, මෙම අනතුර හේතුවෙන් තුවාල ලැබූ අනෙක් මෝටර් රථයේ සිටි කාන්තාව වන එමා ෆෙයාර්වෙදර් පවසා සිටියේ අනතුර අවස්ථාවේදී ආදිපාදවරයා සිදුවූ වරද සම්බන්ධයෙන් සමාව ගැනීමක් සිදු නොකළ බවයි.
පසුගිය බ්‍රහස්පතින්දා සිදුවූ මෙම අනතුරේදී පිලිප් කුමාරා ධාවනය කළ රේන්ජ්රෝවර් රථය තවත් මෝටර් රථයක ගැටී පෙරළී ගිය අතර, එම අවස්ථාවේදී 97 හැවිරිදි වියේ පසුවූ ආධිපාදවරයා තුවාල නොලබා බේරී තිබුණි.
නමුත්, මේ සම්බන්ධයෙන් සිදුකළ පොලිස් පරීක්ෂණවලදී පිලිප් කුමරු ආසන බඳ පටි පැළඳීමකින් තොරව රථය ධාවනය කර ඇති බව අනාවරණය වී තිබේ.