පාකිස්තානයේ, ලාහෝර් නගරයේ පිහිටි පැරණි සූෆි මුස්ලිම් දේවස්ථානයක් ඉදිපිට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
මුස්ලිම්වරුන්ගේ ශුද්ධ වූ රාමලාන් මාසයේ ආරම්භයෙන් පසුව ප්රමුඛ මුස්ලිම් රාජ්‍යයක සිදුවූ ප්‍රථම දැවැන්ත ප්‍රහාරය ලෙස මෙය සැලකිය හැකි අතර, ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව තිබේ.
දකුණු ආසියාවේ පැරණිතම සූෆි මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිටදී එල්ල වූ මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් භාරගෙන නොතිබුණත්, මෙය තලේබාන් හෝ එවැනි ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයක් ලෙස සැලකෙයි.
පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මෙම ප්‍රහාරය තරයේ හෙළා දැක ඇති අතර, තුවාලකරුවන්ට කඩිනම් ප්‍රතිකාර ලබාදෙන ලෙස බලධාරීන් දැනුවත් කර තිබේ.
සූෆි මුස්ලිම්වරුන් ඉස්ලාම් දහමේ තවත් නිකායක් ලෙස සැලකෙන අතර, ඔවුන්ද ලොව පුරා ජීවත් වෙති. කෙසේ වෙතත්, ඉස්ලාම් අන්තවාදීන් සහ තලේබාන් ත්රස්තයන් මීට පෙරත් කිහිප වරක්ම සුන්නි දේවස්ථාන ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කළේය.