ජපාන අභ්‍යවකාශ ඒජන්සිය හෙවත් JAXA විසින් සාර්ථකව ග්‍රාහකයක් මතට සිය රොබෝ ගවේෂක රෝවර් යානා ද්විත්වය ගොඩබැස්වූ බව තහවුරු කරයි.
මෙය ඓතිහාසික අවස්ථාවක් වන අතර, මෙම කුඩා රෝවර් යානා ද්විත්වය හයබූසා - 2 අභ්‍යවකාශ යානයෙන් මිදී පසුගිය සිකුරාදා කිලෝමීටරයක් පමණ පළලින් යුතු රයුගු ග්‍රාහකය වටා ගමන් කරමින් තිබුණි.
මෙම ග්‍රාහකය මත පවතින ඉතා අවම ගුරුත්වය නිසා ඒ වටා පනිමින් මෙම රෝවර් යානා ගමන් කරනු ඇති අතර, එමගින් මෙම ග්‍රාහකයේ උෂ්ණත්වය මෙන්ම පිටත පෘෂ්ඨයන්හි ඡායාරූප පොළොව වෙත දැනටමත් එවමින් පවතී.
ජපාන අභ්‍යවකාශ ඒජන්සිය පවසා සිටියේ මෙම රෝවර් යානා දෙකම ඉතා හොඳින් ක්‍රියාත්මක තත්ත්වයේ පවතින බවයි.
එය තහවුරු කරමින් රොබෝ රෝවර් යානා විසින් ග්‍රාහකය මත සිට ගනු ලැබූ ඡායාරූප කිහිපයක්ද ජපාන අභ්‍යවකාශ ඒජන්සිය විසින් මාධ්‍ය වෙත මුදාහැර තිබුණි.
රෝවර් 1ඒ සහ රෝවර් 1බී ලෙස නම් කෙරුණු මෙම රොබෝ ගවේෂක රෝවර් යානා රැගත් හයබූසා -2 අභ්‍යවකාශ යානය වසර තුනහමාරක සංචාරයකින් පසුව මෙම වසරේ ජුනි මාසයේදී රගුයු ග්‍රාහකය ආසන්නයට පැමිණ තිබුණි.