තමන් යළි බලයට පත්වුවහොත් බටහිර ඉවුරේ ඇති යුදෙව් ජනාවාස යළි ඊශ්රායලය වෙත අයිති කරගැනීමට කටයුතු කරන බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසයි.
එලැඹෙන අඟහරුවාදා පැවැත්වීමට නියමිත ඊශ්රායල් මහ මැතිවරණය අභියස නෙතන්හායු මෙම ඡන්ද පොරොන්දුව ලබාදී තිබේ.
අන්ත දක්ෂිණාංශක සන්ධානක් ලෙස මෙවර තරග වදින නෙතන්යාහු සහ එම පක්ෂ බටහිර ඉවුරේ පලස්තීන ජනාවාස යළි යුදෙව්වන් වෙත අයිති කරගැනීමේ මූලික අරමුණ පෙරදැරි කරගත් පිරිසකි.
මේ අතර, පසුගිය මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදය විසින් වර්ෂ 1967 දී සිරියාවට අයිති වූ ගෝලාන් කඳුකරය ඊශ්රායලයට අයත් භූමියක් බව කියා සිටියේය.
බටහිර ඉවුරේ යුදෙව්වන් ලක්ෂ 4ක් පමණ ඊශ්රායලය විසින් ජනාවාස පිහිටුවා පදිංචි කර ඇති අතර, තවත් ලක්ෂ 2ක් පමණ නැගෙනහිර ජෙරුසලමේ පදිංචි කර සිටිති. කෙසේ වෙතත්, බටහිර ඉවුරේ පලස්තීනුවන් මිලියන 2.5ක් ජීවත් වෙති.