ඇමෙරිකා එක්සත් ජනපදයේ, පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ, පිට්ස්බර්ග් හි යුදෙව් දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ට්‍රී ඔෆ් ලයිෆ් නමැති මෙම දේවස්ථානය තුළ විවෘත වෙඩි තැබීමක් සිදුකර තිබූ තුවක්කුකරු පසුව පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ම්ලේච්ඡ සමූල ඝාතන සිද්ධියේදී පුද්ගලයන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද කීය.
සැකකරු 46 හැවිරිදි රොබට් බෝවර්ස් ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු පොලිස් වෙඩි පහරින් තුවාල ලබා ප්‍රතිකාර ලබන බව කියයි.
මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලැබූ තවත් දෙදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද ඇමෙරිකානු මාධ්‍ය වැඩිදුරටත් පවසයි.
මෙය වෛරී චේතනාවෙන් සිදුකළ වෙඩි තැබීමක් බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ආරක්ෂක අංශ පවසයි.