ජිහාඩ් අන්තවාදීන් අතින් අනේකවිධ දූෂණයන්ට නතුව පසුව යුද බිමේ සිදුවන ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් වැදුණු නාඩියා මුරාඩ් සහ එම අරගලයම ගෙනගිය ඩෙනිස් මුක්වේගා මෙවර නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලබා තිබේ.
ඉරාකයේ යසීදී තරුණියක වන මුරාඩ්, IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් අතින් අනේකවිධ හිංසනයන්ට ලක්වූ අයෙකු වන අතර, පසුව එම යසීදී කාන්තාවන් හා දැරියන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අපමණ වෙහෙසකින් කටයුතු කළ අයෙකි.
කොංගෝ ජාතිකයෙකු වන මුක්වේගා නාරිවේදික වෛද්‍යවරයෙකු වන අතර, ඔහු සිය කණ්ඩායම සමග ලිංගික හිංසනයන්ට ගොදුරු වූ දහස් ගණන් පිරිස් සුවපත් කළ අයෙකි.
මෙවර, නොබෙල් සාම ත්‍යාගය සඳහා පුද්ගලයන් හා ආයතන 331ක් අයැදුම් කර තිබුණි.
මෙහි ජයග්‍රාහකයන් පසුගිය සිකුරාදා නොර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරදී ප්‍රකාශයට පත්කෙරුණු අතර, යුද්ධයේ අවියක් ලෙස ලිංගික ප්රචණ්ඩත්වය යොදාගැනීමට එරෙහිව ගනු ලැබූ ප්රයත්නයන් වෙනුවෙන් එය පිරිනැමෙන බව නොබෙල් කමිටුවේ සභාපති බෙරීට් රීස් ඇන්ඩර්සන් පවනු ලැබිණි.