ඉන්දීය හමුදාව විසින් හිමාල කඳුකරය ආශ්‍රිතව යෙටී නමැති මෘග්ගයාගේ පා සටහන් සොයාගත් බවට ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණි.
මිත්‍යා වානරයෙකු ලෙස සැලකෙන යෙටී පා සලකුණේ ට්විටර් පණිවුඩය මිලියන 6ක් පමණ වන පරිශීලකයන් අතර හුමවාරු වී ඇති අතර, එය බොහෝ දෙනෙකුගේ විහිළුවට හා සමච්චලයට ලක්ව තිබේ.
දකුණු ආසියානු මිත්‍යා කතාවල බොහෝ සෙයින් කියැවෙන මෙම මෘග්ගයා විශාල වානරයෙකු වැනි සත්ත්වයෙක් බව කියැවෙයි.
කෙසේ වෙතත්, මෙවැනි සත්ත්වයෙකු මෙම කලාපයේ සිටින බවට මෙතෙක් කිසිවෙකු පැහැදිලි සාක්ෂියක් සොයාගෙන නොමැත.
එවැනි පසුබිමක ඉන්දීය හමුදාව ඡායාරූපයක්ද සහිතව පළ කර තිබූ මෙම ඡායාරූපය හාස්‍යයට ලක්වීම පුදුමයට කරුණක් නොවේ.