මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබියේ ප්‍රතිචාරය එදාමෙදා තුර දුටු ඉතා නරකම කරුණු වසන් කිරීමක් බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි.
මීට සති තුනකට පමණ පෙර තුර්කියේ, සෞදි තානාපති කාර්යාලය තුළදී සිදුවූ මෙම ඝාතනයට සම්බන්ධ වූවන් ලොකු කරදරයක වැටෙනු ඇති බවද ඇමෙරිකානු නායකයා පවසයි.
මීට වගකිව යුතු අයට ඇමෙරිකාව දඬුවම් ලබාදෙන බවට සිදුකළ ප්‍රකාශයෙන් පසුව ට්‍රම්ප් මෙම අදහස් දැක්වීම සිදුකර ඇත.
කෙසේ වෙතත්, සෞදි රජය පවසන්නේ මෙම ඝාතනය මැර ප්‍රහාරයක් බවයි.
නමුත්, මෙම මාධ්‍යවේදියාගේ මරණය සෞදි බුද්ධි අංශ සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් යොදාගනිමින් ඉතා සූක්ෂම ලෙස සැලසුම් කර සිදුකළ ඝාතනයක් බව තුර්කි ජනපති එර්ඩෝගාන් චෝදනා කරයි.
ඔවුන්ගේ මේ අදහස අන්තිම නරකයි. ඒ වගේම, මෙය අතිශය බාල වැඩක්. ඉතිහාසයේ මෙවැනි කරුණු වසන් කිරීමක් සිදුවෙලාම නැතිව ඇති යනුවෙන් ට්‍රම්ප් ධවල මන්දිරයේදී මාධ්‍ය හමුවේ කීය.
කෙසේ වෙතත්, සෞදියට එරෙහිව සම්බන්ධක පැනවීම තමා තනිව සිදුනොකරන බවත්, එම තීරණය ගැනීම කොංග්‍රසයට භාරකරන බවත් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා තිබේ.