ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය සුරක්ෂිතතාව සඳහා චීනය දක්වන කැපවීම බෙහෙවින් අගය කරන බව අන්තර්ජාතික රතු කුරුස සංවිධානය (ICRC) පවසයි.
විශේෂයෙන් අප්‍රිකාවට ආධාර ලබාදීම සහ දුර්වල සෞඛ්‍ය තත්ත්වයන් ඇති රටවල වෛද්‍ය ධාරිතාව ඉහළ නැංවීම සඳහා චීන විදේශ ඇමති සමග අන්තර්ජාතික රතු කුරුස සංවිධානයේ සභාපති පීටර් මොරර් මහතා සෙනසුරාදා රැස්වීමේදී මෙම අදහස් පළ කර තිබේ.
මියුනිච් ආරක්ෂක සමුළුවට සමගාමීව මෙම රැස්වීම පවත්වා ඇති අතර, එහිදී කොවිඩ්-19 වසංගතයට එරෙහි චීනයේ සටන ගැන වැන්ග් විසින් මොරර් වෙත විස්තර කර ඇත.
එහිදී ICRC සම්ප්‍රදායන් සහ මානුෂීය ජීවන තත්ත්වයන්ට ගරු කිරීමට චීනය මෙම වෙරසය පිටුදැකීමේ සටනේදී පරිපූර්ණව හා තරයේ මූර්තිමත් කර ඇති බව මොරර් සඳහන් කර තිබේ.
වෛරසයෙන් තර්ජනයට ලක්ව ඇති සෑම ජීවිතයක්ම බේරා ගැනීමටත්, ජනතාවගේ ජීවිත හා ආරක්ෂාව තහවුරු කිරීමටත්, දැඩි අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කිරීමටත්, ගෝලීය මහජන සෞඛ්‍යය පිළිබඳ නිසි වගකීම භාර ගැනීමටත් චීනය සෑම උත්සාහයක්ම ගෙන ඇති බවද හෙතෙම සඳහන් කර ඇත.
එහිදී අන්තර්ජාතික රතුකුරුස සංවිධානය සමඟ ඇති සහයෝගිතාවය ගැඹුරු කිරීමටත්, අප්‍රිකාව වැනි කලාපවල වෛද්‍ය සහයෝගීතාව ඉහළ නැංවීමටත්, මානුෂීය හා සෞඛ්‍ය ක්ෂේත්රය පිළිබඳ ජාත්‍යන්තර අභිප්‍රාය සඳහා දායකත්වය සැපයීමටත් චීනය සූදානම් බව වැන්ග් පවසා තිබේ.
චීනය ඉක්මනින් වසංගතයට එරෙහි සටන ජය ගනු ඇතැයි යන විශ්වාසයෙන් යුතුව, චීනයට පූර්ණ සහයෝගය ලබාදෙන බව ICRC සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.