ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුළු වීමට උත්සාහ කරන දහස් ගණනක් සංක්‍රමණිකයන්ට විරෝධය දක්වමින් මෙක්සිකානු දේශසීමා ආසන්නයේ පදිංචිකරුවෝ වීදි බැස විරෝධතා දක්වමින් සිටිති.
දකුණුදිග කැලිෆෝනියානු නගරයක් වන ටිජුවානා ප්‍රදේශයෙන් වහාම ඉවත්වන ලෙස ඔවුන් සංක්‍රමණිකයන්ට බල කරමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණු බව විදෙස් වාර්තා පවසයි.
මධ්‍යම ඇමෙරිකානු රාජ්‍යයන්ගේ සිට පැමිණෙන අති විශාල සංක්‍රමණික පිරිසේ කොටසක් ලෙස පැමිණෙන ඔවුන්, මෙක්සිකෝව හරහා ඇමෙරිකාවට පැමිණෙමින් සිටින්නේ සරණාගතභාවය බලාපොරොත්තුවෙනි.
මෙම සංක්‍රමණික පිරිසේ පැමිණීමට ප්‍රතිචාර ලෙස ඇමෙරිකාව මෙන්ම මෙක්සිකෝවද ඔවුන්ගේ දේශසීමා ආරක්ෂාව තර කර ඇති අතර, සංක්‍රමණ විරෝධී සටන් පාඨ මෙම දේශසීමා නගරවලින් ඇසෙමින් පවතින බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.