තායිලන්තයේ මහා වජිරාලොන්ග්කෝර්න් රජු ඔටුනු පැළඳීමේ දින තුනක මෞලිමංගල්‍යය අද (04දා) තායිලන්තයේදී ආරම්භ වී තිබේ.
2016 වසරේදී ඔහුගේ පියා වන භූමිබෝල් අදුල්යාදේජ් රජු මියයෑමත් සමග සිහසුන ඔහුගේ පුත් මහා වජිරාලොන්ග්කෝර්න් කුමරුට හිමිවිය.
මෙම ඔටුනු පැළඳීමේ මංගල්‍යයට දින කිහිපයක් තිබියදී වත්මන් රජු කවුරුත් පුදුම කරමින් සිය පෞද්ගලික ආරක්ෂ බලකායේ නියෝජ්‍ය ප්‍රධානී සහ දීර්ඝ කාලයක් ඔහුගේ සහායිකාව ලෙස කටයුතු කළ සුතිදා විවාහ කරගත්තේය.