මොසැම්බික් රාජ්‍ය වෙත බලපෑ ප්‍රබල කෙනෙත් සුළි කුණාටුවෙන් විපතට පත්වූවන් බේරාගැනීම සඳහා සහන කණ්ඩායම් ගම්මාන වෙත ඇතුළු වීමට කටයුතු කරමින් සිටියි.
සුළි කුණාටුවත් සමග ඇති වූ දැඩි වර්ෂාතනය සහ ප්‍රබල සුළං මෙන්ම, ගංවතුර හා නායයෑම් නිසා බොහෝ පිරිසක් කොටුවී සිටින බව විශ්වාස කෙරෙයි.
පසුගිය බ්‍රහස්පතින්දා පැයට කිලෝමීටර් 220ක සුළං දහරා ඇති කරමින් ගොඩබිම වෙත කඩා වැදුණු මෙම සුළි කුණාටුව, මෙම කලාපයේ මොසැම්බික් රාජ්‍යයද ඇතුළුව රටවල් තුනක පුද්ගල ජීවිත 900ක් බිලි ගනිමින් ඇති වූ ඉඩායි සුළි කුණාටුවෙන් මසකට පසුව ඇතිවීම ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීමක් හා සමාන යැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.