ප්‍රබල සුළි කුණාටුවකින් පසු යථාතත්ත්වයට පත්වෙමින් සිටි මොසැම්බික් රාජ්‍ය වෙත කෙනත් නමින් තවත් ප්‍රබල සුළි කුණාටුවක් කඩා වැදී තිබේ.
පැයට කිලෝමීටර් 220ක් ඉක්මවන වේගවත් සුළං දහරා ඇති කරමින් කඩා වදින මෙම සුළි කුණාටුව නිසා කොමොරෝස් දූපතේ පුද්ගලයන් තිදෙනෙකු දැනටමත් ජීවිතක්ෂයට පත්ව ඇත.
මොසැම්බික් රාජ්‍යයේ ජාතික ආපදා කළමනාකරණ ආයතනය පවසා සිටියේ පුද්ගලයන් 30,000ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවයි.
පසුගිය මාසයේ බලපෑ සුළි කුණාටුවෙන් මෙම කලාපයේ ජීවිත 900කට අධික ප්‍රමාණයක් අහිමි වූ අතර, එය මොසැම්බික්, මලාවි සහ සිම්බාබ්වේ යන රාජ්‍යයන් වෙත බලපෑම් කර තිබුණි.