IS ඉස්ලාම් රාජ්‍ය ජිහාඩ් ත්රස්තයන්ගේ ප්‍රහාරයක් හේතුවෙන් මොසැම්බික් රාජ්‍යයේ ගම්මානයක පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එරට කාබෝ ඩෙලිගාඩෝ පළාතේ, පැකුඒයු ගම්මානය වෙත මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, මියගිය අය අතර වැඩි පිරිස ගොවීන් බව කියයි.
එහිදී, පුද්ගලයන් 10 දෙනෙකු ජිහාඩ් අන්තවාදීන්ගේ වෙඩි පහරට ලක්ව ඇති අතර, ඔවුන් ගම්මානයේ නිවාස ගිනිබත් කිරීමේදී ගින්නට හසුව තවත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එටරට සෞඛ්‍ය අංශ පවසා සිටියේ මෙම ප්‍රහාරයෙන් පසුව පුද්ගලයන් 14 දෙනෙකු පිළිස්සුම් තුවාල ඇතුළු වෙඩි තැබීම් තුවාල හේතුවෙන් රෝහල්ගත කර ප්‍රතිකාර ලබන බවයි.
ස්වභාවික වායූන්ගෙන් පොහොසත් මොසැම්බික් රාජ්‍ය තුළ මේ වනවිට IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ නැගී සිටීමක් වාර්තා වන අතර, ඔවුන් පසුගිය කාලය පුරාවට එරට තුළ විවිධ ප්‍රහාර දියත් කර තිබුණේ ඉස්ලාමීය පූජකයෙකු වූ අබවුඩ් රොගෝ මොහොමඩ්ගේ අනුගාමිකයන් ලෙසිනි. මොහු සෝමාලියාවේ ක්‍රියාත්මක වන අල්-ෂබාබ් ජිහාඩ් ත්‍රස්ත සංවිධානයටද සහයෝගය දක්වන්නෙකු ලෙස සැලකෙන බව බී.බී.සී.ය කියයි.