මැසිඩෝනියා රාජ්‍යයේ නම වෙනස් කිරීම සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ ව්‍යවස්ථා සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.
මෙම ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු ආසන 120කින් 81ක් ඊට පක්ෂව ඡන්දය ලබාදී ඇති අතර, විපක්ෂය ඡන්දය වර්ජනය කළ බව එරට මාධ්‍ය පවසයි.
මෙම නම වෙනස් කිරීමේ තීරණයත් සමග ඉදිරියට එරට නම උතුරු මැසිඩෝනියානු ජනරජය ලෙස සැලකෙනු ඇත.
මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් අසල්වැසි ග්‍රීසිය සමග වසර 27ක් පුරා පැවැති මතභේදකාරී තත්ත්වයද මේ සමග නිමාව දකින අතරමෙම පාර්ලිමේන්තු අනුමැතිය සම්බන්ධයෙන් ග්‍රීක අගමැති ඇලෙක්සි සිප්රාස්ද සතුට පළ කර තිබේ.