ඉදිරි සතිවලදී චීනයේ සීනොවැක් බයෝටෙක් විසින් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 එන්නත් ලබාගන්නා දකුණු ඇමරිකානු ක්‍රීඩකයින් සිය ගණනක් අතර මෙසී සහ නෙයිමාර්ද සිටින බව කලාපීය පාපන්දු සම්මේලනය පවසයි.
බ්‍රහස්පතින්දා උරුගුවේ අගනුවර වෙත මාත්‍රාවන් 50,000ක් නැව්ගත කිරීමෙන් පසුව, එම ආයතනය සිය සාමාජික සංගම් 10කට එන්නත් බෙදා හැරීම ආරම්භ කළේය.
"දකුණු ඇමෙරිකානු පාපන්දු සංගම් සඳහා එන්නත් දැනටමත් පැමිණ තිබෙනවා. මේ සහයෝගිතාවය සහ අපගේ මහාද්වීපයේ රටවල පාපන්දු ක්‍රීඩාවට ඇති දැවැන්ත සමාජ හා සංස්කෘතික වටිනාකම අවබෝධ කර ගැනීම ගැන සීනොවැක් බයෝටෙක් සමාගමට ස්තූතියි" යනුවෙන් කලාපීය පාපන්දු සම්මේලනයේ සභාපති ඇලෙජැන්ඩ්රෝ ඩොමින්ගුස් පවසා තිබුණි.