ඇෆ්ගනිස්තානයේ දශකයකට වඩා වැඩි කාලයක් ඇදී යන යුද ගැටුම් නැවැත්වීම සඳහා තලේබාන් සටන්කාමීන් සමග ජාත්‍යන්තර සාකච්ඡාවක් සංවිධානය කිරීමට රුසියාව කටයුතු කර තිබේ.
මෙවැනි ජාත්‍යන්තර සමුළුවක් සඳහා තලේබාන් සටන්කාමීන් පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වන අතර, එය මොස්කව් පාලනය මැදිහත්වීමෙන් සිදුකරන අති විශේෂ සාකච්ඡාවක් විය.
ඇෆ්ගනිස්ථානයේ සාම කවුන්සිලයේ සාමාජිකයන්ද මෙම සාම සාකච්ඡාව සම්බන්ධයෙන් අවධානයෙන් සිටියත්, ඔවුන් රජයේ පාර්ශ්වය නියෝජනය කරමින් සහභාගී වී නොතිබුණි.
එහිදී, තලේබාන් සංවිධානය පවසා තිබුණේ තමන් මෙම සාකච්ඡාවේදී තලේබාන් රජය සමග සෘජුව කතා නොකළත්, ඇමෙරිකාව සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බවයි.
එහිදී, රාජ්‍යයන් කිහිපයකම නියෝජිතයන් මෙම හමුවට සහභාගී වී සිටි අතර, ඇමෙරිකා එක්සත් ජනපදනය නිරීක්ෂණ මට්ටමින් මීට සහභාගී වී තිබුණි.
මෙහිදී කිසිම පාර්ශ්වයක් සමග සාම වැඩපිළිවෙළට පැමිණීම සඳහා ඔවුන්ගේ ඉල්ලීම් සලකා බැලෙන සාකච්ඡාවකට වඩා පුළුල් ලෙස ප්රශ්නය සාකච්ඡා කරමින් විසඳුම් සොයා ගන්නා අවස්ථාවක් බවට පත්කර ගෙනතිබුණි.