චීන ජෛව ඖෂධ සමාගමක් වන සීනොවැක් බයෝටෙක් විසින් සංවර්ධනය කරන ලද කොවිඩ්-19 එන්නතෙහි දේශීයව පුරවන ලද සහ නිම කරන ලද එන්නත් මාත්‍රාවන් හි පළමු වැනි කාණ්ඩය මැලේසියාවේ එන්නත්කරණය සඳහා යොමුකර තිබේ.
මැලේසියාවේ ප්රමුඛ ඖෂධ සමාගමක් වන ෆර්මනියාගා විසින් නිෂ්පාදනය කරන ලද චීනයේ සීනොවැක් (කොරෝනාවැක්) එන්නත් මාත්‍රා 290,480ක පළමු වැනි කාණ්ඩය පසුගියදා පැවති කෙටි උත්සවයකදී සෞඛ්‍ය අමාත්‍ය ආදම් බාබා වෙත භාරදීම සිදුවිය.
මැලේසියාවේ ජාතික ඖෂධ නියාමන ඒජන්සිය වෙතින් අදාළ සමාගම වෙත මෙම ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය චීනයෙන් ලබාගැනීමේදී විශාල නිදහස් කිරීමක් ලබාදී ඇති අතර, මේ හරහා එරට එන්නත්කරණය වේගවත් කිරීම මැලේසියාවේ බලාපොරොත්තුව වී තිබේ.