මැලේසියාවේ ජොහෝර් පළාතේ පාසල් දරුවන් ශ්වසන අපහසුතාවකට ලක්ව දරුවන් 75 දෙනෙකු රෝහල්ගත කිරීමත් සමග පාසල් 400ක් පමණ වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබේ.
පාසර් ගූඩැන්ග් කර්මාන්ත පුරවරය මෙම ප්‍රාන්තයේ පිහිටා ඇති අතර, ඒ ආසන්නයේ පිහිටි පාසල් මේ ආකාරයෙන් වසා දමා තිබේ.
වායු දූෂණ තත්ත්වයක් මීට හේතු වී ඇති බවත්, ශ්වසන අපහසුතාවට අමතරව, වමනය ආදී රෝග ලක්ෂණද දරුවන් පෙන්නුම් කර ඇති බවත් බලධාරීහු පවසති.
පසුගිය මාර්තු මාසයේදී රසායනික ද්‍රව්‍ය නීතිවිරෝධී ලෙස ජලයට මුසු කිරීමෙන් දරුවන් 4,000ක් පමණ රෝගාබාධයන්ට ලක්විය.
කෙසේ වෙතත්, මෙම අලුත් සිදුවීම පෙර සිදුවීම හා සම්බන්ධයක් නොමැති බවද බලධාරීහු පවසති.