මැලේසියාවේ වැඩි දෛනික කෝවිඩ්-19 ආසාදනය ලෙස ගෙවීගිය පැය 24 තුළ ආසාදිතයන් 6,075ක් වාර්තා වී ඇති බව රජයේ බර්නාමා ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.
රටේ පෙර වාර්තාව ජනවාරි 30දා නව කොවිඩ්-19 ආසාදිතයන් 5,728ක් ලෙස සටහන් විය. බදාදා වාර්තා වූ ආසාදිතයන්ගෙන් තිදෙනෙකු විදේශයන්ගෙන් පැමිණි අය බව, බර්නාමා වාර්තා කළේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය නූර් හිෂාම් අබ්දුල්ලා උපුටා දක්වමිනි.
සෙලන්ගෝර් ප්‍රාන්තය ඉහළම ආසාදිතයන් පිරිසක් සිටින ප්‍රාන්තය ලෙස ආසාදිතයන් 2,251ක් වාර්තා කර ඇති අතර, ජොහෝර් ප්‍රාන්තයෙන් ආසාදිතයන් 699ක් සහ ක්වාලලම්පූර් හි ආසාදිතයන් 660ක් වාර්තා වී තිබේ.
නව ආසාදන පොකුරු සංඛ්‍යාව බදාදා වනවිට පොකුරු 22ක් දක්වා වාර්තාගත ඉහළ මට්ටමකට පැමිණ ඇති බව බර්නාමා වාර්තා කරයි. ඉන් 8ක් රැකියා ස්ථානවලට සම්බන්ධ වූ අතර, 7ක් ප්‍රජාව ආශ්රිත පොකුරුය. එමෙන්ම 6ක් ආගමික ආයතන පොකුරු වන අතර, එකක් අධ්‍යාපන ආයතනයකට සම්බන්ධ වේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව මැලේසියාව විසින් කොවිඩ්-19 ආසාදිතයන් 485,496ක් සහ මරණ 2,040ක් මේ වනවිට වාර්තා කර තිබේ.