මැලේසියාවේ රජකම දැරූ සුල්තාන් මුහම්මද් හදිසියේ සිය රාජ්‍යත්වයෙන් ඉවත්වීමත් සමග නව රජු ලෙස සුල්තාන් අබ්දුල්ලා ෂා රජකමට පත්ව තිබේ.
වසර දෙකක් රජකම දැරූ සුල්තාන් මුහම්මද් මෙම මාසයේදී සිය රජකම අත්හළ අතර, එරට ඉතිහාසයේ ඉතා කෙටි කාලයකින් රජකම අත්හළ තැනැත්තා ලෙස ඔහු ඉතිහාසයට එක්විය.
මැලේසියාවේ ප්‍රාන්ත නවයක සිටින පාලකයන් අතර මෙම රාජ්‍යත්වය හුවමාරු වීම සිදුවන අතර, මෙවර තේරීපත් රජු පහන්ග් ප්‍රාන්තයේ නායකයාය.
47 වැනි වියෙහි පසුවූ සුල්තාන් මුහම්මද් රුසියාවේ මොස්කව් රූරැජිනක සරණපාවා ගැනීම ඔහුට රජකම අහිමිවීම හේතු වී ඇත.
එරට තුළ රජකම යනු උත්සව අවස්ථාවලදී පෙනී සිටීමේ නාමික නිලයක් වන අතර, ඔහු රාජ්‍ය පාලනයට සම්බන්ධ වීමක් නොකරයි.