මැලේසියානු රජු විසින් එරට පළපුරුදු දේශපාලඥයෙකු වන මුහයිඩින් යසින් නව අගමැතිවරයා ලෙස පත් කර තිබේ.
එරට මාළිගාව විසින් නිකුත් කරන ලද නිවේදනයකින් සුල්තාන් අබ්දුල්ලා සුල්තාන් අහමඩ් ෂා කියා සිටියේ, හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයකු සහ බර්සාටු පක්ෂයේ සභාපතිවරයෙකු වන මුහයිඩින් හෙට (01දා) නව අගමැති ලෙස දිවුරුම් දෙන බවයි.
අග්‍රාමාත්‍ය මහතීර් මොහමඩ්ගේ ඉල්ලා අස්වීමත් සමග, පාලක සන්ධානය බිඳවැටීමෙන් පසුව රට අර්බුදයකට ඇද දැමෙන බවට සති අන්තයේ දේශපාලන ගැටුම් මැද මෙම පත්වීම සිදුවිය.
“අග්‍රාමාත්‍යවරයා පත් කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද කළ නොහැක්කේ රටේ ජනතාවගේ සහ ජාතියේ යහපැවැත්ම සඳහා රජයක් අවශ්‍ය නිසයි” යනුවෙන් මාලිගාව නිකුත් කළ ප්‍රකාශයේ සඳහන් වේ.
“එය සියල්ලන්ටම හොඳම තීරණය” යැයි රජතුමා නියෝග කළ බවද එහි දැක්වේ.