මාලදිවයින් පාර්ලිමේන්තු මැතිවරණයෙන් වත්මන් ජනපති මොහොමඩ් සෝලිගේ පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් ලබනු ඇති බව පූර්ව මැතිවරණ ප්‍රතිඵල පෙන්වා දෙයි.
පාර්ලිමේන්තුවේ පවතින 87ක් වූ සමස්ත ආසන සංඛ්‍යාවෙන් ආසන 60ක බලය මාලදිවයින් ඩිමොක්රටික් පක්ෂය ජයග්‍රහණය කරනු ඇති බව සඳහන් වෙයි.
මෙම මැතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය අද (07දා) නිකුත් වීමට නියමිතය.
මේ ආකාරයෙන් ජනපති නියෝජනය කරන පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීම යනු, එරට හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්ගේ බලය තවදුරටත් තහවුරු වීමක් වන අතර, ඔහු පසුගිය වසර දක්වාම රටින් පිටුවහල්ව ජීවත් විය.
මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් වාර්තා වනවිට ආධාරකරුවන් උද්දාමයට පත්ව එකිනෙකා වැළඳ ගනිමින්, නර්තනයේ යෙදෙමින් සතුට බෙදා ගන්නා බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.