මාලදිවයින් ජනාධිපතිවරණයෙන් විරුද්ධ පක්ෂ සන්ධානයෙන් ඉදිරිපත් වූ ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලීහ් ජයග්‍රහණය අභියසට පැමිණ තිබේ.
ඉන්දියන් සාගරයේ පිහිටි දූපත් රාජ්‍යයේදී ඊයේ පැවති මැතිවරණයෙන් දැනට ගණන් කර ඇති ප්‍රතිඵලවලට අනුව වත්මන් ජනපති අබ්දුල්ලා යමීන් අභිභවමින් ඊබ්‍රාහීම් පැහැදිලි ජයග්‍රහණයක් ලබනු ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
කෙසේ වෙතත්, එරට ජාතික මැතිවරණ කොමිසම විසින් නිල වශයෙන් තවමත් ප්‍රතිඵල නිකුත් කර නොමැති බව විදෙස් වාර්තා පවසයි.
මැතිවරණ නිරීක්ෂකයන් පවසා සිටියේ මැතිවරණය පුරාම වත්මන් ජනපතිවරයාට පක්ෂපාතී ලෙසින් හැසිරීම් සිදුවූ බවයි. ඔහු චීනය සමග වඩාත් සබඳතා ගොඩනගා ගත්තෙකු වන අතර, ඊබ්‍රාහිම් ඉන්දියාව සහ බටහිර සමග සබඳතා පවත්වන්නෙකි.
ප්‍රතිඵල නිකුත්වීමත් සමග මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඊබ්‍රාහීම් පවසා සිටියේ මෙය වඩාත් සතුටට පත්විය හැකි අවස්ථාවක් බවයි. එමෙන්ම, බලාපොරොත්තු සහගත අවස්ථාවක් බවත හෙතෙම පැවසීය.
එමෙන්ම, වඩාත් සුමට බල හුවමාරුවක් වෙනුවෙන් වත්මන් පාලක පක්ෂයට ඇරයුම් කරන බවද ඔහු පවසා සිටියේය.
92%ක් ඉක්මවූ ඡන්ද ගණනන් කර අවසන් වනවිට ඊබ්‍රාහිම් 16%ක් ඉදිරියෙන් සිටියේය.
ඒ අනුව, මාලදිවයන නම් වූ ලක්ෂ 4ක පමණ ජනගහණයක් ජීවත් වන කුඩා දූපත් රාජ්‍යයේ මැතිවරණය සමග ලෝක බලවතුන් වන චීනය, ඇමෙරිකාව හා ඉන්දියාව ආදී රටවල්ද පසුපසින් සිට හැප්පුණු බව නොකිවමනාය.
එහිදී, අවසන් වශයෙන් මෙම මැතිවරණය හරහා ඉන්දියාව හා ඇමෙරිකාව හමුවේ චීනයට පරාජය උරුම වී ඇත.