මාලදිවයින් ජනාධිපතිවරණයේ පළමු වටයේ ඡන්ද විමසීම අද (23දා) ආරම්භ වී ඇති අතර, යම් ලෙසකින් දෙවැනි වටයක් අවශ්‍ය වුවහොත් තවත් දින 21කින් දෙවැනි වටයේ ඡන්ද විමසීම පැවැත්වෙයි.
ඉන්දියානු සාගරයේ පිහිටි දූපත් කොදෙව්වක් ලෙස සැලකෙන මාලදිවයිනේ මෙම මැතිවරණය වෙත චීනය සහ ඉන්දියාව මෙන්ම බටහිර රාජ්‍යයන්ද උනන්දුවක් දැක්වීම විශේෂත්වයකි.
එරට වත්මන් ජනපති අබ්දුල්ලා යමීනී චීනය සමග වැඩි සබඳතා පවත්වන අයෙකු වන නිසා ඔහුගේ මෙවර මැතිවරණ ව්‍යාපාරයට චීනයේ ආශිර්වාදය හිමිවෙයි. විශේෂයෙන්ම මාලදිවයිනේ ක්‍රියාත්මක දැවැන්ත ව්‍යාපෘති කිහිපයකට දැනටමත් චීන මූල්‍යාධාර සපයා තිබේ.
කෙසේ වෙතත්, විරුද්ධ පක්ෂයෙන් තරග කරන ඊබ්‍රාහිම් මොහොමඩ් සොලීහි වෙත ඉන්දියාවේ සහ බටහිර ආශිර්වාදය හිමිව තිබේ.
මේ නිසාම, මෙම මැතිවරණය කෙරෙහි ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය අනවශ්‍ය උනන්දුවක් දක්වමින් එරට වත්මන් පාලනයට අනතුරු අඟවා ඇත්තේ යම් ලෙසකින් ප්රජාතන්ත්ර විරෝධී මැතිවරණයක් පැවැත්වුවහොත් මාලදිවයින වෙත සම්බාධක පනවන බව පවසමිනි.
විශේෂයෙන්ම මැතිවරණය පැවැත්වීමට පෙර විරුද්ධ පක්ෂ ප්‍රධාන කාර්යාලය වෙත පොලිසිය ඇතුළු වීම සම්බන්ධයෙන්ද එරට මාධ්‍ය වාර්තා කර තිබුණි.
මැතිවරණයේ ඡන්ද විමසීම අද පෙ.ව. 8.00ට ආරම්භ වූ අතර, සමස්තයක් ලෙස ලක්ෂ 4ක පමණ ජනතාවක් එම දූපත් කොදෙව්වේ ජීවත් වෙති.