ශ්රී ලංකාවේ කිතුණු දේවස්ථාන සහ තරු හෝටල් කිහිපයක සිදුවූ බෝම්බ පිපිරීම් කිතු දහම සහ සමස්ත ආගමික නිදහස ඉලක්ක කර එල්ල වූ ප්රහාරයක් බව ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති මයික් පෙන්ස් පවසයි.
උප ජනාධිපතිවරයා පවසන්නේ ශ්රී ලංකාවේ පාස්කු සැමරුම් ඉලක්ක කරමින් සිදුවූ ම්ලේච්ඡ ප්රහාරයන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මෙන්ම, තමන්ද දැඩි අවධානයෙන් යුතුව නිරීක්ෂණය කරමින් සිටින බවයි.
එමෙන්ම, ඔවුන්ගේ හදවත් සහ යාඥාව ප්රහාරයට ගොදුරු වූවන් සහ ඔවුන්ගේ පවුල් වෙත යොමුවන බව පැවසූ උප ජනාධිපතිවරයා, කිසිවෙකුත් ආගමික ස්ථානයක් තුළ කිසිදු අවස්ථාවක මෙවැනි තැත් ගැන්මකට ලක් නොවිය යුතු බවත් අවධාරණය කරයි.