ටියුනීසියාවට ඔබ්බෙන් වූ මධ්‍යධරණී මුහුදේ දී අනවසර සංක්‍රමණිකයන් පිරිසක් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයන් 65 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ඒජන්සිය පවසා සිටියේ මෙම බෝට්ටුවේ සිටි තවත් පුද්ගලයන් 60 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට හැකි වූ බවයි.
ලිබියාවේ සුවාරා පළාතේ සිට මෙම බෝට්ටුව පිටත්ව ඇති බව ජීවිත බේරාගත්තවුන් පවසා තිබේ.
කෙසේ වෙතත්, මුහුද රළ වීමත් සමග ඔවුන්ගේ බෝට්ටුව පෙරළී ගිය බවත්, ශක්තිවන්තයන් පමණක් දිවි ගලවාගත් බවත් ඔවුහු වැඩිදුරටත් පවසා ඇත.
එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියට අනුව 2019 මුල් මාස 4 තුළ සරණාගතයන් 164 දෙනෙකු ලිබියාව සහ යුරෝපය අතර මධ්‍යධරණී මුහුදේදී මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.