ඇමෙරිකානුවන්ගෙන් තුනෙන් එක්ම මාධ්‍ය ජනතාවගේ හතුරෙකු ලෙස විශ්වාස කරන බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කළේය.
ලබන සතියේ ඇරඹෙන මධ්‍ය වාර මැතිවරණය වෙනුවෙන් ෆ්ලොරීඩා හි පැවති රැලියකදී ඇමෙරිකානු නායකයා මෙම අදහස් පළ කළේය.
කෙසේ වෙතත්, සුපුරුදු පරිදිම ඇමෙරිකානු ජනපතිවරයා ඉදිරිපත් කළ මෙම තර්කය වෙනුවෙන් කිසිදු සාක්ෂියක් සැපයීමට ඔහු අපොහොසත් වී තිබුණි.
නමුත්, ජනපති ට්‍රම්ප් එරෙහිව චෝදනා නැගෙන්නේ මේ ආකාරයෙන් කිසිදු සාක්ෂියක් නොමැතිව තර්ක ඉදිරිපත් කරමින් ඔහු තම විරුද්ධවාදීන් ලෙස සලකන විරුද්ධ පක්ෂ ක්‍රියාකාරීන්, මාධ්‍ය, සංක්‍රමණිකයන් මෙන්ම මුස්ලිම්වරුන්ට එරෙහිව දඩි මත දරණ බවටය.
පසුගිය සතියේ ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ යුදෙව් ආගමික මධ්‍යස්ථානයක් වෙත එල්ල වූ ම්ලේච්ඡ වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ යුදෙව්වන් 11 දෙනා වෙනුවෙන් ශෝකය පළ කිරීමටද ට්‍රම්ප් කටයුතු කර තිබුණි.