ඉරානයේ මේ වනවිට කොවිඩ්-19 හෙවත් නව කොරෝනා රෝගීන් 96ක් සහ මරණ 15ක් වාර්තා වී ඇති අතර, ආසාදිතයින් අතර නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිවරයාද සිටින බව ඉරාන බලධාරීන් පවසයි.
ඉරාකය, ඇෆ්ගනිස්ථානය සහ තුර්කිය ඇතුළු ආසන්න රටවල් ඉරානයට සංචාරය කිරීම නවතා දමා ඉරානයේ සංචාරකයන්ට සීමා පැනවීමටද මේ වනවිට කටයුතු කර ඇත.
කුවේට්, බහරේන් සහ ලෙබනනය ඇතුළු අනෙකුත් මැදපෙරදිග රටවල්ද පසුගිය දිනවල ඔවුන්ගේ ප්‍රථම කොරෝනා ආසාදිතයන් වාර්තා කර ඇත.