ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද විමසීම් ආරම්භ වූ අප්‍රේල් 11දා සිට මේ දක්වා පැවති සියලු අදියරවල ප්‍රතිඵලවලින් භාරතීය ජනතා පක්ෂයට ජයග්‍රහණය හිමිව ඇතැයි පැවසෙන කතා ප්‍රතික්ෂේප කරන බව විරුද්ධ පක්ෂය පවසයි.
ඒ අනුව, ඉන්දීය කොංග්‍රසය පවසන්නේ මෙම පූර්ව මැතිවරණ ප්‍රතිඵලය තම පක්ෂය තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
ඉරිදා නිකුත් වූ මෙම පූර්ව මැතිවරණ ප්‍රතිඵලවලින් කියවුණේ භාරතීය ජනතා පක්ෂය ප්රමුඛ ඒකාබද්ධ සන්ධානයට මෙවර මැතිවරණයෙන් දැවැන්ත ජයග්‍රහණයක් හමිව ඇති බවයි.
එම ප්‍රතිඵලයට අනුව භාරතීය ජනතා පක්ෂ සන්ධානය ලබාගන්නා ආසන සංඛ්‍යාවේ උපරිමය 365ක් බවත්, එහි අවමය ආසන 242ක් බවත් කියවුණි. මෙම පූර්ව මැතිවරණ ප්‍රතිඵලයේ සාමාන්‍ය ආසන 295ක් බවත් කියවුණි.
කෙසේ වෙතත්, රජයක් පිහිටුවීම සඳහා අවශ්‍ය ආසන සංඛ්‍යාව ආසන 272කි. ඒ අනුව, මෙම පූර්ව මැතිවරණ ප්‍රතිඵලයට අනුව භාරතීය ජනතා පක්ෂ සන්ධානයට පැහැදිලි ජයග්‍රහණයක් ඇති බව හැඟවෙයි.