සෙල්ෆි ඡායාරූප මේ වනවිට බොහෝදෙනා අතර ජනප්‍රියව පැවතියත්, හොඳින් වැඩුණු ගෝරිල්ලන් දෙදෙනෙකු ඉතා හොඳින් සෙල්ෆි ඡායාරූපයකට මුහුණ දෙන ආකාරය මෙසේ වාර්තා විය.
කොංගෝ රාජ්‍යයේ, විරුන්ගා ජාතික වනෝද්‍යානයේ වූ ගෝරිලි අනාථාගාරයක මෙම ගෝරිල්ලන් දෙදෙනා හැදී වැඩුණේ ඉතා කුඩා කාලයේ සිටය.
ඔවුන්ගේ දෙමවුපියන් දඩයම්කරුවන් විසින් ඝාතනය කර තිබූ නිසා වනජීවී නිලධාරීන් භාරයේ හැදී වැඩුණු ඔවුන් දැන් හොඳින් වැඩුණු මිනිසෙකු තරමටම උසය.
කෙසේ වෙතත්, කුඩා අවදියේ සිට තමන්ව රැකබලා ගත් වනජීවී නිලධාරීන් ඔවුන්ගේ දෙමුපියන් ලෙස මෙම සතුන් සිතන බව පශුවෛද්‍යවරු පවසති.
මේ වනවිට අවුරුදු දෙකහමාරක් පමණ වයසැති මෙම ගොරිල්ලන් තමන්ව රැකබලාගත් මනුසතාගේ සෙල්ෆි ඡායාරූපයට මේ ආකාරයෙන් මුහුණ දුන්නේ සැබෑම අව්‍යාජ බවක් සමගිනි.