ඇමෙරිකා එක්සත් ජනපදය තුළ මේ දක්වා සරම්ප රෝගීන් 700ක් වාර්තා වී ඇති බවත්, එය සරම්ප සම්බන්ධයෙන් එරට වාර්තා වූ ඉහළම රෝගී සංඛ්‍යාව බවත් කියයි.
එරට රෝග පාලනය හා නිවාරණය මධ්‍යස්ථානය පවසා සිටියේ ප්‍රාන්ත 22ක් තුළින් රෝගීන් වාර්තා වී ඇති අතර, සරම්ප එන්නත් ලබා නොගත් දරුවන් රැසකට රෝගය වැළඳී ඇති බවයි.
වර්ෂ 1994න් පසුව මේ ආකාරයෙන් සරම්ප හිස එසවීමක් ඇමෙරිකාවෙන් වාර්තා වූ ප්‍රථම අවස්ථාව බව පවසන බලධාරීන්, පසුගිය සතිය තුළ රෝගීන් 78ක් වාර්තා වූ බවද කියයි.
එහිදී, රෝගය පැතිරීම සම්බන්ධයෙන් සලකා බැලීමේදී නිව්යෝක් නගරයේ යුදෙව් ප්‍රජාව ආදී වශයෙන් විවිධ කණ්ඩායම් සම්බන්ධයෙන්ද අවධානය යොමු වී ඇති බව බලධාරීන් වැඩිදුරටත් පවසයි.