පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවෙන් පසුව ශ්‍රී ලංකාවේ සංචාරක අවදානම් මට්ටම ඉතා උපරිම මට්ටමට ගැනීමට ඊශ්‍රායලය කටයුතු කර තිබේ.
එරට ප්‍රති-ත්‍රස්ත කාර්යාංශය විසින් ඊශ්‍රායල් ජාතිකයන්ට අනතුරු අඟවා ඇත්තේ ශ්‍රී ලංකාවේ සිටිනවා නම් හැකි ඉක්මණින් රටින් ඉවත්වන ලෙසත්, මෑත අනාගතයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙසත්ය.
ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡාවකින් පසු මෙම සංචාරක අවදානම් මට්ටම ඉහළ දැමීමට කටයුතු කළ බව එම කාර්යාංශය පවසයි.
මේ ආකාරයෙන් ඉතා උපරිම අවදානම් මට්ටමකට සංචාරක අනතුරු ඇඟවීමක් කිරීම යනු ක්ෂණිකව රටින් පිටවන ලෙස සංචාරකයන්ට සිදුකරන අනතුරු ඇඟවීමක් බවද ඊශ්‍රායලය පවසයි.