මහා බ්‍රිතාන්‍යයේ හැරී කුමරුට දාව මේගන් කුමරිය විසින් පුත් කුමරෙකු ප්‍රසූත කළ බව රාජකීය පවුල නිවේදනය කර තිබේ.
සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරියගේ මේ උණුසුම් පුවත බලාපොරොත්තුවෙන් බ්‍රිතාන්‍ය වැසියන් නොඉවසිල්ලෙන් පසුවී ඇත.
තමා මෙම පුවතින් අතිශය උද්දාමයට පත්වූ බව හැරී කුමරු පවසා සිටි අතර, උදෑසන 5.26ට උපත ලැබූ පුත් කුමරාට නමක් තැබීමට ඔවුන් තවමත් කල්පනා කරමින් සිටින බවද පවසා ඇත.
මේගන් කුමරිය මෙන්ම, පුත් කුමරාද හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද හැරී පවසා ඇත.
බකිංහැම් මාලිගය වැඩිදුරටත් නිවේදනය කර තිබුණේ පුත් කුමරාගේ උපතේදී බර රාත්තල් 7යි, අවුන්ස 3ක් වූ බවයි.
උලුත උපන් මෙම කුමරා බ්‍රිතාන්‍යයේ ඔටුන්නට හිමිකම් කියන 7 වැන්නා වන අතර, එය සීයා වන චාල්ස් කුමරු, ලොකු තාත්තා වන විලියම් කුමරු සහ ඔහුගේ දරුවන් වන ජෝර්ජ් කුමරු, චාලට් කුමරිය, ලුයිස් කුමරා සහ තම පියා වන හැරී කුමරුට පසුවය.