ජාලිස්කෝ ප්‍රාන්තයේ ළිඳක වළලනු ලැබූ මළ සිරුරු 44 ක් හඳුනා ගැනීමට මෙක්සිකෝවේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් සමත්ව තිබේ.
ග්වාඩලජරා නගරයට මදක් ඔබ්බෙන් සොයාගත් මිනිස් සිරුරු කළු බෑග් 119 ක සඟවා තිබුණු බව එරට මාධ්‍ය වාර්තා කරයි.
සැප්තැම්බර් මාසයේ මුලදී ප්‍රදේශවාසීන් එම ප්‍රදේශයේ පැතිරුණු දුගඳක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමත් සමග මෙම දේහ කොටස් සොයා ගන්නා ලදී.
ජාලිස්කෝ මෙක්සිකෝවේ වඩාත් ප්‍රචණ්ඩකාරී මත්ද්‍රව්‍ය කල්ලිවල හදවත වන අතර, මේ වසරේ ප්‍රාන්තයේ මළ සිරුරු සොයාගත් දෙවැනි ප්‍රධානතම ස්ථානය මෙයයි.
සිරුරුවලින් අතිමහත් බහුතරයක් කපා දමා ඇති බැවින් ඒවා හඳුනා ගැනීම සඳහා බලධාරීන්ට විවිධ කොටස් එකට එකතු කිරීමට සිදුව තිබේ.
කෙසේ වෙතත්, මින් බොහෝ ශරීර කොටස් තවමත් හඳුනාගෙන නොමැත.