මෙක්සිකෝවේ ඉන්ධන නලයක් පිපිරීමෙන් සිදුවූ අනතුරේ මරණ සංඛ්‍යාව 71 දක්වා ඉහළ ගොස් ඇති බව බලධාරීන් පවසයි.
හිටල්ගෝ ප්‍රාන්තයේ, තලවුඑලිපන් නගරයේදී පසුගිය සිකුරාදා රාත්‍රී මෙම ඉන්ධන නලය පිපිරී තිබුණේ මෙම නලයෙන් හොරෙන් ඉන්ධන ලබාගැනීමට උත්සාහ කිරීමේදීය.
විශාල පිරිසක් මෙම තෙල් ලබාගැනීම සඳහා පැමිණ ඇති බවත්, එම අවස්ථාවේදී මෙම පිපිරීම සිදුව ඇති බවත් කියැවෙයි.
පිපිරීමෙන් අනතුරුව ගන්නට හසුව පිළිස්සී අඟුරු බවට පත්වූ මළ සිරුරු රැසක් දැකගැනීමට හැකිවූ බව ආරක්ෂක අංශ පවසයි.
ඉන්ධන සීමා කිරීමට නව ජනපතිවරයා ගනු ලැබූ තීරණයක් හේතුවෙන් සෑම අයෙක්ම තම මෝටර් රථ වෙනුවෙන් ඉන්ධන එක්රැස් කිරීමට උත්සුක වූ බව සිද්ධිය ඇසින් දුටුවෙක් පවසා තිබේ.