සුපිරි ඉන්දියානු විවාහ මංගල්‍යයන් කිහිපයක් එක පෙළට පැවති 2018 වසර තවත් සුපිරි විවාහ මංගල්‍යයක් වෙනුවෙන් සැරසෙන පුවතක් වාර්තා වෙයි.
ඒ ඉන්දියාවේ ප්‍රමුඛතම ධන කුවේරයන් දෙදෙනෙකුගේ දියණයක සහ පුතෙකු අතිනත ගන්නා විවාහ මංගල්‍යයයි.
ඉන්දියාවේ ධනවත්ම මිනිසා ලෙස සැලකෙන මුඛේන් අම්බානිගේ දියණිය වන ඊෂා අම්බානි සහ තවත් ප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙක් වන ආනන්ද් පිර්මාල්ගේ විවාහ මංගල්‍යය දෙසැම්බර් 12 වැනිදා උදායිපූර් නගරයේදී පැවැත්වෙනු ඇත.
තවත් ඉන්දියානු ධන කුවේරයෙකු වන ලක්ෂ්මි මිතාල්ගේ දියණියගේ විවාහ මංගල්‍යය 2004 වසරේදී වඩාත් කතාබහට ලක්වූ විවාහ මංගල්‍යයක් වූ අතර, ප්‍රංශයේදී පැවති එම උත්සවය වෙනුවෙන් වැය වූ මුදල ඇ.ඩො.මිලියන 55ක් බව කියවුණි.
කෙසේ වෙතත්, ඊෂා සහ ආනන්ද් විවාහය එතරම් වියදමක් නොදරනු ඇති බව කියවුණත්, එය සැබෑ තතු තවමත් මාධ්‍යයට රහසක්ව පවතින බවද සඳහන් වෙයි.
පසුගියදා පැවති ප්‍රියංකා චොප්රාගේ විවාහ මංගල්‍යයේ දෙවැනි මනාලියක් ලෙස වඩාත් කතාබහට ලක්වූ ඊෂාගේ විවාහය පිළිබඳ පුවතින් ඉන්දියානු මාධ්‍ය වෙත තවත් ඔක්සිජන් සපයා ඇති බවටද සැකයක් නොමැත.
ඉන්දියානු මාධ්‍යයේ අනාවරණයන්ට අනුව ඔවුන්ගේ විවාහය වෙනුවෙන් ගී ගැයීමට බියොන්සේ පැමිණිමට නියමිත අතර, සුන්දර නර්තනයන් සමග බොලිවුඩ් තරු රැසක්ද එහිදී සිය රඟ සොබා පෙන්වනු ඇත.