ශරීර ප්‍රතිශක්තිකරණ පද්ධතියම උපයෝගී කරගෙන පිළිකාව සමග සටන් කිරීම පිළිබඳ සොයාගැනීමක් සිදුකළ විද්‍යාඥයන් දෙදෙනෙකු 2018 භෞතික සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය හිමි කරගෙන තිබේ.
ඇමෙරිකානු ජාතික මහාචාර්ය ජේම්ස් පී ඇලිසන් සහ ජපාන ජාතික මහාචාර්ය ටසුකු හොන්ජෝ විසින් සිදුකර තිබූ මෙම සොයාගැනීම සමේ ඇතිවන භයානක පිළිකා ප්‍රතිකාර සඳහා බෙහෙවින් ඉවහල් වී තිබුණි.
ඔවුන් සොයාගත් ප්‍රතිශක්තීකරණ පිරික්සුම් ප්‍රතිකාර පෙරළිකාර පිළිකා ප්රතිකරයක් බවට පත්ව තිබූ බව මෙම සම්මානය පිළිගන්වන ස්වීඩන් ඇකඩමිය පවසා තිබුණි.
විශේෂඥයන්ට අනුව මෙම ප්‍රතිකාර ක්‍රමය වඩාත් ඵලදායී ප්‍රතිකාර ක්‍රමයක් ලෙස සැලකුණි.
මහාචාර්ය ඇලිසන් ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු වන අතර, මහාචාර්ය හොන්ජෝ, ක්යෝතෝ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකි.
ඔවුන් වෙනුනේ පිරිනැමෙන ඇ.ඩො.මිලියන 1.01ක මුදල් ත්‍යාගය මෙම විද්වතුන් දෙදෙනා අතර සමසේ බෙදීයන බව සඳහන් වෙයි.