චීනයේ යැංසේ ගංගාවට පෙරලුණු බස් රථයේ රියදුරුට එහි ගමන්ගත් මගී කාන්තාවකගේ පහරදීමක් හේතුවෙන් බස් රථය පාලනය කරගැනීමට නොහැකිව මෙසේ ගගට පෙරළී ඇති බව අනාවරණය වෙයි.
ආරක්ෂක කැමරාවල දර්ශන නිරීක්ෂණය කිරීමේදී රියදුරුට මගියෙකු පහරදෙන ආකාරය පැහැදිලිව දැක්වෙන අතර, ඒ සමගම පාලම මතින් ධාවනය වූ බස් රථය මීටර් 50ක් පහළ යැංසේ ගංගාවට වැටෙන්නේ ආරක්ෂක වැටද කඩාගෙනය.
මෙම අනතුරින් මියගිය 13 දෙනාට අමතරව තවත් පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන්ව සිටිති.
මුලින්ම මෙම බස් රථය ඉදිරියෙන් පැමිණි වාහනයකට ඉඩදීමට ගොස් අනතුර සිදුවන්නට ඇති බව සැක කළද පසුව කළ පරීක්ෂණවලදී මෙහි සැබෑ තතු අනාවරණය කරගැනීමට හැකි වී තිබේ.
මෙම සිද්ධියට සම්බන්ධ කාන්තාව තමන් බැසිය යුතු බස් නැවතුම පාස් කරගෙන යෑම නිසා කෝපයට පත්ව මෙම පහරදීම සිදුකර ඇති බව මේ වනවිට අනාවරණය වන අතර, ඇය 48 හැවිරිදි ලියූ නැමති කාන්තාවක බවද හඳුනාගෙන තිබේ.