රටේ විනාශකාරී කොවිඩ්-19 අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ කටයුතු කළ ආකාරය පිළිබඳව පරීක්ෂණයක් ඉල්ලා විවේචකයන් මාස ගණනාවක් පුරා කළ සිටන ඵලදරමින් ඊයේ (04දා) එය අවසානයේ ආරම්භ විය.
බ්‍රසීල රජයේ කොවිඩ්-19 ප්‍රතිචාරය පිළිබඳ පාර්ලිමේන්තු පරීක්ෂණයට අනුව, හිටපු සෞඛ්‍ය අමාත්‍ය ලුයිස් හෙන්රික් මැන්ඩෙටාගේ පැය ගණනක සාක්ෂි ලබාගැනීම සිදුවූ අතර, වසංගතය අතරතුර තීරණාත්මක කාර්යභාරය අතපසු කළ කිහිප දෙනෙකුගෙන් අයෙකු ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සැලකෙයි.
කෙසේ වෙතත් මැන්ඩෙටා සමාජ දුරස්ථභාවය පිළිබඳව යෝජනා කළ අතර පාසල් හා ව්‍යාපාර වසා දැමීමට ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් ගත් තීරණවලට සහාය දැක්වීය.
නමුත් බොල්සොනාරෝ දිගු කලක් පුරා කොවිඩ්-19 හි ඉහළ නැගීම අවතක්සේරු කළ නායකයෙකු වූ අතර, අවශ්‍ය අවස්ථාවේ ලොක්ඩවුන් සීමා සහ සමාජ දුරස්ථ කිරීමේ නීතිරීතිවලට වඩා රටේ ආර්ථික සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කළේය.