බ්‍රසීල ජනාධිපතිවරණ තරග බිමේ ඉදිරියෙන්ම සිටි තරගකරුවෙකු ලෙස පසුගියදා පිහි ප්‍රහාරයකට ලක්වූ යාරි බොල්සොනාරෝ 40%ක පමණ රුධිර වහනයකට ලක්ව ඇති බව රෝහල් වාර්තා පවසයි.
අන්ත දක්ෂිණාංශික ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස මැතිවරණ ප්රචාරක කටයුත්තකට සහභාගි වී සිටියදී ඔහු මෙසේ පිහි ප්‍රහාරයට ලක්වූයේ මිනාස් ජෙරායිස් හිදීය.
වෛද්‍යවරු පවසා සිටියේ මෙම පිහි ප්‍රහාරයෙන් ඔහුගේ බඩවැල් මාරාන්තික කැපුම් තුවාලයකට ලක්ව තිබුණත්, මේ වනවිට ඔහුගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බවයි.
රට තුළ ක්‍රියාත්මක අපරාධ රැල්ල දැඩිව විවේචනය කරන්නෙකු ලෙස ජනතාව අතර ප්‍රසිද්ධියට පත්ව සිටි ඔහු, ඇතැම් අය හඳුන්වනු ලැබුවේ ජාතිවාදියෙකු ලෙසිනි.
කෙසේ වෙතත්, ලබන ඔක්තෝබරයේ පැවැත්වීමට නියමිත මැතිවරණයේ පළමු වටයේදී ඔහුට යම් වාසිදායක තත්ත්වයක් පූර්ව මැතිවරණ ප්රචාරක කටයුතුවලට අනුව පෙනෙන්නට තිබුණි.
කෙසේ වෙතත්, දැනට මැතිවරණයට ඉදිරිපත්වීම අහුරා ඇති හිටපු ජනාධිපති ලුයිස් ඉනාසිඕ ලූලා ද සිල්වා මැතිවරණයට ඉදිරිපත් වුවහොත් බොල්සොනාරෝට පසුබැසීමට සිදුවනු ඇත.