බොලිවියාවේ අන්තර්වාර ජනාධිපතිවරයා ඊයේ (25දා) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වන පරිදි සම්පූර්ණයෙන්ම රට වසා දැමීමට කටයුතු කරන බව නිවේදනය කළේය.
එය අපේ‍්‍රල් 15 දක්වා පවතිනු ඇතැයිද අන්තර්වාර ජනාධිපති ජෙනීන් ඇනෙස් පැවසීය.
බදාදා රාත්‍රියේ ජාතිය අමතමින් ඇනෙස් කියා සිටියේ බොලිවියානුවන් රජය විසින් නියම කරන ලද අනිවාර්ය නිරෝධායන ක්‍රියාමාර්ග අනුගමනය කර නොමැති බවයි.
එබැවින් ආසාදනය වීමේ අවදානම දැන් ඉහළ මට්ටමක පවතින බවත්, ඊට වඩා දැඩි ලෙස රඳවා ගැනීමේ ක්‍රියාමාර්ග අවශ්‍ය බැවින් මෙවැනි ක්‍රියාමාර්ගයකට යන බවයි.
මේ නිසා සියලුම දේශසීමා වසා තබනු ඇති අතර, ඇතැම් අත්‍යවශ්‍ය හේතු හැර රජයේ හෝ පෞද්ගලික වාහන ගමන් කිරීමට ඉඩ නොදෙන බව පවසයි.
"ආරක්ෂක සහ සෞඛ්‍ය හේතූන් හැර කිසිවෙකුට පිටතට යෑමට අවස්ථාවක් නෑ. කිසිවෙකු රට තුළට ඇතුළු වන්නේත් නැහැ."ඇනෙස් පැවසීය.
කෙසේ වෙතත් ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට මෙම කාලය තුළ එක් නිවසකට වයස අවුරුදු 18-65 අතර එක් පුද්ගලයෙකුට අත්‍යවශ්‍ය බඩු මිලදී ගැනීම සඳහා පිටතට යාමට අවසර ඇත. බොලිවියානු රාජ්‍ය ප්රවෘත්ති සේවයේ ප්‍රකාශයක් අනුව ඇනෙස් උපුටා දක්වමින්, මෙම වෙළෙඳ සැල් වෙත යෑම සතියේ නම් කරනලද දිනයක් පවරනු ලබන අතර එදින පමණක් පිටතට යාමට අවස්ථාව හිමිවනු ඇත.
බොලිවියාවේ මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වූවන් 39ක් වාර්තා වී ඇති අතර, කිසිදු මරණයක් සිදුවී නොමැති බව සෞඛ්‍ය බලධාරීහු පවසති.