නිරිතදිග බ්රසීලයේ යපස් පතලක් ආශ්රිතව වූ වේල්ලක් කැඩී යාමෙන් පුද්ගලයන් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 300කට අධික පිරිසක් අතුරුදන්ව සිටිති.
පසුගිය සිකුරාදා සිදුවූ මෙම අනතුරින් පසුව බෘමාඩින්හෝ නගරය අවට අතුරුදන්ව වූවන් සොයා කඩිනමින් මෙහෙයුම් සිදුවෙයි.
බ්රසීලයේ විශාලතම පතල් සමාගමට හිමි මෙම වේල්ල කැඩී යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
එම සමාගම සිය අරමුදල්වලින් ඇ.ඩො.බිලියන 1.6ක මුදලක් දැනටමත් මෙම අපදා තත්ත්වය වෙනුවෙන් වෙන්කර ඇති බව කියැවෙයි.
වේල්ල කැඩී යාමත් සමග පැමිණි විශාල මඩ තට්ටුවක් විසින් ඒ මෙහොතේ දහවල් ආහාරය ගනිමින් සිටි සේවකයන් පණ පිටින් වළලා තිබූ අතර, සේවකයන් රැගත් බස් රථයක්ද ඊට හසුවූ බව කියැවෙයි.