බ්‍රසීලය බදාදා දිනයේ නව කොවිඩ්-19 ආසාදිතයන් 115,228ක් වාර්තා කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. දිගු කලක් ප්‍රමාද වූ එන්නත් කිරීමේ උත්සාහයන් වරින් වර අඩාල වීම හේතුවෙන් නව ආසාදන රැල්ලක පෙරනිමිති එරට පෙන්නුම් කර තිබේ.
එක්සත් ජනපදයෙන් පිටත ලොව වැඩිම කොවිඩ්-19 මරණ සංඛ්‍යාව බ්‍රසීලය විසින් වාර්තා කර ඇති අතර, එරට මිලියන භාගයකට වඩා මිනිස් ජීවිත වසංගතය හමුවේ අහිමි වී ඇත.
එක්සත් ජනපදයේ සහ බොහෝ ධනවත් රටවල තත්ත්වය යහපත් වීමට එන්නත් අනුපාතය වැඩිවීම හේතු වී ඇති අතර, බ්‍රසීලය සහ දකුණු ඇමරිකාවේ බොහෝ අසල්වැසියන් එන්නත්කරණය ප්‍රමාදවීම තුළ ආසාදනවල ඉහළ යෑම් පෙන්නුම් කර තිබේ.
වසංගතය පාලනය කිරීමට බ්‍රසීල ජනාධිපතිවරයා සහ රජය කටයුතු කළ උදාසීන ස්වභාවයට එරෙහිව රටපුරා ජනතාව විරෝධතා දැක්වූයේ බ්‍රසීලය සති අන්තයේ කොවිඩ්-19 මරණ 500,000ක සන්ධිස්ථානයක් සනිටුහන් කරන විටය.