බ්රසීල ජනාධිපතිවරණය ආරම්භ වීමත් සමග අන්ත දක්ෂිණාංශික අපේක්ෂක ජෙයිර් බොල්සොනාරෝ ඉදිරියෙන් පසුවන බව විදෙස් වාර්තා පවසයි.
රට තුළ ඉහළ ගොස් ඇති අපරාධ රැල්ල මුලිනුපුටා දැමීමේ පොරොන්දුව සමග බොල්සොනාරෝ මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටියි.
අද (07දා) පැවැත්වෙන මැතිවරණයේ ඡන්ද ප්රතිඵලය සම්බන්ධයෙන් වූ මත විමසුම් අනුව 38%ක පමණ ප්රතිශතයක් බොල්සොනාරෝ වෙත හිමිවනු ඇති බව කියැවෙයි.
රට තුළ මෙතෙක් ක්රියාත්මක නොවන මරණ දඬුවම යළිත් පැනවීමට අදහස් කරගෙන සිටින ඔහු, අපරාධකරුවන්ට උපරිම දඬුවම් පැමිණවීමට අදහස් කරගෙන සිටින බවද කියයි.
මෙවර මැතිවරණය සඳහා මිලියන 150ක පමණ ඡන්ද දායකයන් පිරිසක් සුදුසුකම් ලබා සිටින අතර, මැතිවරණයෙන් කිසිදු අපේක්ෂකයෙකුට 50% ඉක්මවීමට නොහැකි වුවහොත් සති තුනක් ඇතුළත දෙවැනි වටයක් වෙත යෑමටද අවස්ථාව පවතී.
මෙම ජනාධිපතිවරණයට සමගාමීව කොංග්රසයේ පහළ මන්ත්රී මණ්ඩලයේ සාමාජිකයන් 513ක්, සෙනෙට් මණ්ඩල සාමාජිකයන් 81ක් සහ ප්රාන්ත 27ක ආණ්ඩුකාරවරුන් සහ නීතිසම්පාදකයන් ඇතුළු 1,000කට ආසන්න පිරිසක් තෝරාපත් කරගැනීම සඳහාද ජනතාව සිය කැමැත්ත ප්රකාශ කරයි.