බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වැනි වටයේ ජයග්‍රහණය ලබාගැනීමට අන්ත-දක්ෂිණාංශික අපේක්ෂක ජෙයිර් බොල්සොනාරෝ ජයග්‍රහණය ලබා තිබේ.
වාමාංශික කම්කරු පක්ෂයේ අපේක්ෂක ෆර්නැන්ඩෝ හදාද් සමග එලැඹෙන ඔක්තෝබර් 28 වැනිදා පැවැත්වෙන දෙවැනි වටයේ ඡන්ද විමසීමකට ඔහුට යෑමට සිදුවන්නේ 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට නොහැකි වූ නිසාය.
කෙසේ වෙතත්, පළමු වටයේ ඡන්ද විමසීමේදී බොල්සොනාරෝ 46%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා විට, හදාද් ලබාගෙන තිබුණේ 29%ක ප්‍රතිශතයක් පමණි.
කෙසේ වෙතත්, මැතිවරණයට පෙර පැවති මත විමසුම්වලින් කියවුණේ දෙවැනි වටයේදී මෙම අපේක්ෂකයන් දෙදෙනා කරටකර තරගයක නියැලෙනු ඇති බවයි.
මේ අතර, බ්‍රසීලය තුළ ඉලෙක්ට්‍රොනික ඡන්දය ප්‍රකාශ කිරීමේ තාක්ෂණය භාවිත කළ ප්‍රථම ඡන්ද විමසීමද මෙය වූ අතර, බොල්සොනාරෝ පවසා සිටියේ එම ක්‍රමය වඩාත් සාර්ථකව මෙවර ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවයි.
බ්‍රසීල මැතිවරණ බලධාරීන් පවසා සිටියේද ඡන්ද විමසීම වඩාත් සාමකාමීව සිදුවූ බවකි. එමෙන්ම, සුළු සිද්ධි කිහිපයක් හැරුණු විට ප්‍රබල ගණයේ සිද්ධි වාර්තා නොවූ බවද ඔවුහු පැවසූහ.