තම ජීවිත රක්ෂණාවරණය ලබාගැනීම සඳහා බොරුවට මැරුණු බව හැඟවූ ස්වාමියෙකු සැබෑවටම මියගිය බව සිතා ඔහුගේ බිරිඳ දරු දෙදෙනාද සමග සියදිව හානිකරගත් අවාසනාවන්ත පුවතක් වාර්තා වෙයි.
මෙම තැනැත්තා කුලී පදනම මත ලබාගත් මෝටර් රථයක් ගඟකට වැටී තිබියදී සොයාගෙන තිබුණත්, ඔහුගේ මළ සිරුරු සොයාගත නොහැකි වූ විට ඔහු මරණයට පත්වූ බව විශ්වාස කළේය.
කෙසේ වෙතත්, තමාගේ මෙම වංචාව සම්බන්ධයෙන් බිරිඳට පවා නොදන්වා සිටි මොහු සැබෑවටම මියගිය බව සිතූ බිරිඳ මෙම අවාසනාවන්ත තීරණයට එලඹ ඇත්තේ සියදිවි හානි කරගන්නා බවට ලියමනක්ද සටහන් කිරීමෙන් අනතුරුවය.
නමුත්, මෙම පුවත කණවැකීමත් සමග දරාගත නොහැකි වූ මෙම පුද්ගලයා ළඟම පිහිටි පොලීසියට භාරවී තිබුණි. ඒ අනුව, මෙම සැකකරුට එරෙහිව රක්ෂණ වංචාව මෙන්ම, හිතාමතා දේපළවලට හානි කිරීම යන්න යටතේ චෝදනා ගොනු වී තිබේ.